Sunday, June 30, 2013

Sampath Sudarshana
 වෛදික ජෝතිෂ්‍ය පිලිබඳ ඉන්දියානු සම්මානලාභී, ප්‍රවීන ජ්‍යොතීර්වේදී

සම්පත් සුදර්ශන මහතා ඉදිරිපත් කරයි.

  1249 Views

 

මේෂ ලග්නය


ධනය

ආර්ථික අතින් අපහසු කාලයකි. නිෂ්පල වියදම් වැඩි කාලයකි. ධන හානිවලට හේතු වේ.

රැකි රක්ෂා

රැකියා ස්ථානවලින් චෝදනා අපවාද ලැබිය හැකි කාලයකි. ස්ථාන මාරුවීම් බලාපොරොත්තු විය හැකිය. රැකියා තනතුරු ආදියෙන් පහල වැටීමට අවදානමක් ඇත. කල්පනාකාරීව රැකියාවේ යෙදෙන්න. රාහු මහදශා අන්තර් දශා ගතකරන අයට වර්ෂය මැද භාගයෙන් පසු නව රැකියා අවස්ථා බලාපොරොත්තු විය හැකිය.

ගෘහ ජීවිතය

සැපසම්පත් අඩුවන අතර දුර බැහැර ගමන්බිමන් වැඩිපුර යෙදෙන කාලයකි. කායික සහ චිත්ත පීඩා ඇති කරයි. සමහරවිට රාජ දඬුවම් පවා ලැබීමට ඉඩ ඇත. භාර්යාව සහ ස්වාමිපුරුෂයාට තරමක් අපල ගෙනදේ. රාහු මහදශා අන්තර් දශා ගතකරන අයට වර්ෂය මැද භාගයෙන් පසුව වාසනාවන්ත කාලයකි. ඔවුන්ට තමා කැමති ආකාරයට කම්සැප ලැබීමට හැකිවේ. ස්ත්‍රීන් සමඟ ඇසුර වැඩිවේ. දේපල ධනය රැස්කර ගැනීමට හැකිවේ.

අධ්‍යාපනය

විභාග වලින් ජයග්‍රහණ ලැබේ. උසස් අධ්‍යාපන කටයුතුවල සහ විදේශ අධ්‍යාපන කටයුතු වල නිරත අයට වාසි අත්වේ.

සෞඛ්‍ය

ශරීර සෞඛ්‍ය එතරම් යහපත් නොවේ. අස්ථි සන්ධි ආබාධ ශල්‍යකර්ම උදරගත අබාධ ඇතිකරයි.

ශුභ දින : ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : රතු, නිල්
ශුභ අංක : 1,2,4,5,7,9
ශූභ මැණික් : රතු කොරල්, රතු මැණික්

Share this

 

වෘෂභ ලග්නය


ධනය

මිල මුදල් ලාභ ලැබේ. ආදායම වැඩිවේ. ණය ගනුදෙනුවලින් ලාභ ලැබේ. තැන්පත් ධනය වැඩි දියුණු වේ. ආයෝජන කටයුතුවලින් ක්ෂණික ලාභ අත්වේ.

රැකි රක්ෂා

රැකියා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉෂ්ට වේ. රැකිරක්ෂා වලින් උසස්වීම් ලැබේ.

ගෘහ ජීවිතය

සතුරන් පරාජය කළහැකි දියුණුවට කටයුතු යෙදෙන වාසනාවන්ත ප්‍රීතිමත් කාලයකි. ජීවන තත්වය සැපවත් හා උසස් වේ. තමා කැමති ආකාරයට කම් සැප ලැබේ. විදේශ ගමන්බිමන් සුඛෝපබෝගී චාරිකා ආදියේ යෙදීමට අවස්ථාව ලැබේ. හිතවතුන් හිතවතියෙන් සමඟ විනෝද වීමට හැකියාව ලැබේ. මෙහෙකරු ලාභ ලැබේ. දරු ලාභ ලැබීමට හෝ දරු උපත් ඇතිවිය හැකිය. ඥාතීන් සමඟ සම්බන්ධකම් වැඩිදියුණු වේ.

අධ්‍යාපනය

විභාග වලින් ජය ලැබේ. ඥාණය වැඩිවේ. අලුත් ශාස්ත්‍ර ධර්ම ඉගෙනීමට හැකිවේ.

සෞඛ්‍ය

ශරීර සනීපය ඇතිවේ. ශරීරයේ බර වැඩිවේ. අසනීප වලින් සුවය ලැබේ. ශරීර උෂ්ණ ගතිය ඇතිවේ.

ශුභ දින : බදාදා, සිකුරාදා, ඉරිදා
ශුභ වර්ණ : සුදු , ක්‍රීම්, අයිවරි
ශුභ අංක : 6
ශූභ මැණික් : දියමන්ති, සුදු මැණික්

Share this

 

මිථුන ලග්නය


ධනය

ධන ලාභ නැතිවේගෙන යන කාලයකි. තැන්පත් ධනය පිලිබඳ අවදානමක් ඇතිවේ. එහෙත් ආයෝජන කටයුතුවලින් ක්ෂණික ලාභ අත්වේ.

රැකි රක්ෂා

ස්ථාන මාරුවීම් වලට ඉඩ තිබේ. රක්ෂා වල තිබුණු තත්වය අඩුවේ. වෙලහෙළඳ ව්‍යාපාර වලින් පාඩු සිදුවේ. ගුරු මහා දශා අන්තර් දශා ගත කරන අයට වසරේ මැදි කාලයෙන් පසුව වාසි අත්වේ.

ගෘහ ජීවිතය

සිත් තැවුලෙන් කාලය ගත කිරීමට සිදුවේ. සතුරු කරදර වැඩිපුර ඇතිවන කාලයකි. නිතරම පාහේ බියෙන් සැකයෙන් කල් ගතකිරීමට සිදුවේ. නිෂ්පල ගමන්බිමන් සහ ඒ නිසා වෙහෙස ඇතිවේ. පවුලේ අයගෙන් ඈත්වීම සිදුවේ. සමහරවිට දරු සම්පත් ලැබීමට ඉඩ තිබේ. මව් පාර්ශවයේ ඥාතිකුගෙන් කරදරයක් විපතක් ඇතිවිය හැක.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය අංශවල අධ්‍යාපනය ලබන අයට දියුණුව ඇතිවේ. නමුත් ඉගෙනීමට තිබෙන උනන්දුව ක්‍රමානුකූලව අඩුවිය හැක.

සෞඛ්‍ය

වාත රෝග, අංශබාග රෝග, ලේ හීන වීම, අස්ථි සන්ධි ආබාධ ඇතිවේ. වසරේ මැද බාගය වනවිට අසනීප යම්තාක් අඩුවේ.

ශුභ දින : බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ : කොළ, කහ
ශුභ අංක : 3, 5
ශූභ මැණික් : පච්ච

Share this

 

කටක ලග්නය


ධනය

ආදායම් පක්ෂය තරමක් පහල බසී. නැතහොත් විනාශ වී යයි. වෙළඳ ව්‍යාපාර වලින් පාඩු සිදුවේ. ආරක්‍ෂිත හා තැන්පත් ධනය අඩුවේ.

රැකි රක්ෂා

රක්ෂාවෙන් අස්වීමට හෝ විශ්‍රාම ගැනීමටද සිදුවේ. රැකීරක්ෂා වල තිබුන තත්වය අඩුවේ. රැකියාවේ සිදුවන වෙනස්වීමක් තම අවාසියට හේතු වේ.

ගෘහ ජීවිතය

හිතට කරදර ඇති කරයි. භාර්යාව හෝ ස්වාමි පුරුෂයාගෙන් ඈත්වීමට හෝ අඩදබර ඇති වීමට හේතුවේ. මව්පිය ඥාතින් සමග හිත් අමනාප ඇතිවීමට හේතු වේ. නඩුහබ වලින් නිදහස් වී සැනසීම ඇතිවේ. දක්ෂයින් සහ උගතුන්ගේ ඇසුර ලැබේ. පහත් අයගේ ඇසුර තම අවාසියට හේතු විය හැකිය.

අධ්‍යාපනය

ශාස්ත්‍ර ධර්ම, ගුප්ත ශාස්ත්‍ර ඉගෙන ගන්නා අයට වාසි අත්වේ. වසරේ මැද භාගයෙන් පසුව ඉගෙනීමට ඇති උනන්දුව ධාරණ ශක්තිය අඩුවේ.

සෞඛ්‍ය

කායික පීඩා ඇති කරයි. පපුව පෙනහළු සම්බන්ධ රෝගාබාධ ඇතිවේ.

ශුභ දින : ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ : සුදු, ක්‍රීම්
ශුභ අංක : 2,7,9
ශූභ මැණික් : මුතූ

Share this

 

සිංහ ලග්නය


ධනය

ධන ලාභ හා වස්තු ලාභ ලැබේ. දේපල ඉඩකඩම් වලින් ආදායම ලැබේ. ව්‍යාපාර හා සියලු කටයුතු වලින් ලාභ දියුණුව අත්වේ. ද්‍රව්‍ය ලාභ ලැබේ.

රැකි රක්ෂා

රැකියාවලින් උසස්වේ. රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට හොඳ කාලයකි.

ගෘහ ජීවිතය

සැනසිලිදායක ප්‍රීතිමත් කාලයකි. කරන කියන කටයුතු සාර්ථක වේ. ගෞරව සැලකිලි වැඩිවේ. පවුලේ සමගිය සමාදානය වැඩෙන ප්‍රීතිමත් කාලයකි. උත්සව ප්‍රියසම්භාෂණ වලට සහබාගි වීමට අවස්ථාව ලැබේ. හොඳ ආහාරපාන ඇඳුම් පැළඳුම් ද්‍රව්‍ය ලාභ වැඩි කාලයකි. ගොඩමඩ ඉඩම් ලැබීමට හේතුවේ. වන්දනා හා විනෝද චාරිකා වලට අවස්ථාව ලැබේ. වර්ෂය අග භාගයෙන් පසුව ගෙදරදොර තිබූ සහනදායි තත්වය ක්‍රමයෙන් අඩුවී යා හැක.

අධ්‍යාපනය

විභාග වලින් ජයග්‍රහණ ලැබේ. උසස් අධ්‍යාපන කටයුතුවල සහ විදේශ අධ්‍යාපන කටයුතු වල නිරත අයට වාසි අත්වේ. ඉගෙනීමට ආසාවද උනන්දුවද වැඩිවේ.

සෞඛ්‍ය

අසනීප වලින් සුවය ලැබේ. නව ප්‍රතිකාර ක්‍රම තුලින් බොහෝ රෝග සුවකර ගැනීමට හැකිවේ.

ශුභ දින : ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
ශුභ වර්ණ : රතු
ශුභ අංක : 1, 4
ශූභ මැණික් : පත්මරාග

Share this

 

කන්‍යා ලග්නය


ධනය

ධන ලාභ අඩුවේ. ධනයට සොර සතුරු අවදානමක් ඇතිවේ. වියදම් අධික වේ. දුන් ණය මුදල් ආපසු නොලැබේ.

රැකි රක්ෂා

රැකීරක්ෂාවලින් උසස් වීමට හෝ කරන කියන රැකීරක්ෂා වල සුබ වෙනසක් ඇතිවන කාලයකි. උපදේශන අංශයේ රැකියාවල නිරත අයට විශේෂ වාසි අත්වේ.

ගෘහ ජීවිතය

ශරීරයේ වෙහෙස ඇති කරන නිෂ්පල ගමන් බිමන් ඇති කරන කාලයකි. විවාහ සබඳතා පෙම් සබඳතා වල පලුදු වීම ඇතිවිය හැකි කාලයකි. රැකියා ස්ථානවල ගැටුම් ඇතිවේ. උසස් අයගේ අප්‍රසාදයට ලක්වේ. හදිසි තීරණ නිසා අවාසි අත්වේ. තම ස්වාමියාට හෝ භාර්යාවට තදබල අපල පෙන්නුම් කරයි. හදිසි අනතුරු විපත් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

විභාග වලින් ජයග්‍රහණ අත්වේ. විවිධ අංශ ඔස්සේ ඉගෙනීමට අවස්ථාව යෙදේ.

සෞඛ්‍ය

ශරීරය දුර්වල වීමට සහ අසනීප වලට හේතුවේ. මුඛ ආශ්‍රිත රෝග හා දත් ආශ්‍රිත රෝග පීඩා පෙන්නුම් කරයි. වර්ෂයේ අග භාගය වනවිට සෞඛ්‍ය තත්වය තරමක් යහපත් අතට හැරේ.

ශුභ දින : බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ශුභ වර්ණ : කොළ
ශුභ අංක : 2, 3, 5, 7
ශූභ මැණික් : පච්ච, ගෝමේද

Share this

 

තුලා ලග්නය


ධනය

මුදල් ලාභ බහුලය. විදේශ වලින් ධනය උපයා ගත හැකිවේ. ආයෝජන වලින් වාසි අත්වේ.

රැකි රක්ෂා

රැකීරක්ෂා නැවතී තිබුනේ නම් නැවත ඇරඹිය හැකිය. නව රැකීරක්ෂා අවස්ථා උදාවේ.

ගෘහ ජීවිතය

ප්‍රීතිමත් දුරබැහැර ගමන් හා වන්දනා ගමන් යෙදේ. ආගමික කටයුතු වලට වැඩිපුර මැදිහත්වීම සිදුවේ. ගෙදරින් දුරබැහැරව පිට පළාත් වල කරන කටයුතු වලින් විශේෂිත වාසි අත්වේ. තම පියාට හා ගුරුවරුන්ට ඉතා යහපත් කාලයකි. ගේදොර ඉඩ කඩම් යාන වාහන ලාභ වැඩි කාලයකි. සොරසතුරු බිය ඇතිවිය හැකි නිසා ප්‍රවේසම් විය යුතු කාලයකි. වංචා සහගත කටයුතු වල පැටලීමට ඉඩ ඇතිබැවින් ප්‍රවේසම් විය යුතුයි.

අධ්‍යාපනය

විවිධ භාෂා වර්ග ඉගෙනීමට අවස්ථාව ලැබේ. ඉගෙනීමේ උනන්දුව වැඩිදියුණු වේ. විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබිය හැකියි.

සෞඛ්‍ය

හිසේ ආබාධ, සෙම් රෝග, වාත රෝග ආදිය ඇතිවේ. මානසික පීඩනය, ආතතිය, මානසික දුර්වලතා හටගනී. ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට අසනීප ගෙනදේ.

ශුභ දින : අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : සුදු, ක්‍රීම්, අයිවරි
ශුභ අංක : 6
ශූභ මැණික් : දියමන්ති, සුදු මැණික්

Share this

 

වෘශ්චික ලග්නය


ධනය

ධන හානි සිදුවේ. වියදම් කල මුදල් පවා නැතිවී යයි. වෙළඳ ව්‍යාපාර වලින් පාඩු අත්වේ. සොරසතුරු කරදර සහ ස්වභාවික විපත් නිසා අලාභ ධන හානි ඇතිවේ.

රැකි රක්ෂා

රැකියා අවස්ථා වැඩිවීම, තනතුරු වලින් උසස් වීම රැකියා පරිසරය තුල ආර්ථික ලාභ වැඩි වීම සිදුවන කාලයකි.

ගෘහ ජීවිතය

නීතිය පිලිබඳ කටයුතු වලට හෝ නඩු කීමට යාමෙන් පරාජය මෙන්ම පාඩුද සිදුවේ. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතු කාලයකි. ඥාතීන් හිතමිතුරන් සමඟ ආරවුල් මත ගැටුම් ඇතිවේ. ගොවිතැන් කටයුතු වලින් පාඩු සිදුවේ. චෝදනා, අපවාද, අපකීර්තිය ලැබීමට ඉඩ තිබෙන කාලයකි. පෙම් සබඳතා, විවාහ සබඳතාවල අඩදබර මත ගැටුම් ඇතිවන කාලයකි.

අධ්‍යාපනය

තරඟ විභාග වලින් අසමත් වීමට හෝ පරාජය වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කල යුතුයි. විදේශගතව අධ්‍යාපනය ලබන අයට විශේෂ වාසි අත්වේ

සෞඛ්‍ය

නිදන්ගත රෝග පවා සෑදීමට ඉඩ තිබේ. උදරගත රෝගාබාධ, අංශබාගය, අංගවිකල වීම, සිහි මඳ ගතිය වැනි රෝගාබාධ ඇති වීමට ඉඩකඩ තිබේ.

ශුභ දින : ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ : රතු
ශුභ අංක : 1, 2, 4, 5, 7
ශූභ මැණික් : රතු මැණික්, රතු කොරල්

Share this

 

ධනු ලග්නය


ධනය

බලාපොරොත්තු රහිත හදිසි ධන ලාබ ලැබේ. ගොවිතැන් හා පතල් කරුවන්ටද විශේෂ ධන ලාබ ඇතිවේ.

රැකි රක්ෂා

ආයෝජන කටයුතු සඳහා සුබ කාලයකි. තම තත්වයට සුදුසු රැකීරක්ෂා හා තනතුරු ලැබේ. තනතුරු වලින් ඉහල යයි. රැකීරක්ෂා තනතුරු ස්ථිර වේ.

ගෘහ ජීවිතය

සිතට සැනසීම ගෙනදෙන කාලයකි. තම අවශ්‍යතා ඉටුකරගැනීමට හැකිවන කාලයකි. ගොඩනැගිලි ආශ්‍රිත ඉදිකිරීම් කටයුතු සඳහා හොඳ කාලයකි. ප්‍රසිද්දිය ඇතිවේ. යහපත් සේවකයින් ද ලැබේ. උසස් අය සමඟ ඇසුරට පත්වේ. අලංකාර ඇඳුම් පැළඳුම් ආහාර පාන ලැබේ. යාලු මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර නොඅඩුව ලැබේ. විවාහය සඳහා හොඳම කාලයකි. නිතර විනෝද ගමන් යාමට සහ ප්‍රීති උත්සව වලට සහභාගී වීමට අවස්ථාව ලැබේ.

අධ්‍යාපනය

තරඟ විභාග ආදියෙන් ජය ලැබේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව ලැබේ.

සෞඛ්‍ය

කලක් පැවති රෝග ක්‍රමයෙන් සුව අතට හැරේ. ශරීර සනීපය ඇති කරයි.

ශුභ දින : ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : කහ
ශුභ අංක : 3, 5, 6, 8
ශූභ මැණික් : පුෂ්පරාග

Share this

 

මකර ලග්නය


ධනය

ධන හානියට ඉඩ තිබෙන බැවින් වස්තුව ආරක්ෂා කරගත යුතුයි. වියදම අධික කාලයකි. ගේදොර වතුපිටි වලින් ආදායම ලැබේ. නව රැකියා ව්‍යාපාර වලින් වාසි අත්වේ.

රැකි රක්ෂා

අලුත් රැකියා අවස්ථා උදාවේ. රැකියා පරිසරය තුල විවිධ ගැටුම්කාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවේ. උසස්වීම් වලට බාධා ඇතිවේ. ගොවිතැන් කටයුතුවල නිරත අයට පාඩු හා කරදර ඇතිවේ.

ගෘහ ජීවිතය

පැවති ගෞරව සැලකිලි අඩුවී යයි. උසස් අය හෝ තම ස්වාමියා භාර්යාව සමඟ ආරවුල් ඇතිකර ගනී. තරමක් අවාසනාවන්ත කාලයකි. බොරු චෝදනාවලට හසුවිය හැකි බැවින් තම කීර්ති නාමයට හානි සිදුවිය හැකිය. තම උත්සාහයේ තරමට ප්‍රතිපල අඩුවිය හැකිය. හදිසි අනතුරුවලින් ප්‍රවේසම් විය යුතුය. නිවාස හා ඉදිකිරීම් කටයුතු ඇරඹීමට අශුභ කාලයකි. නෑ හිතමිතුරන් සමඟ ආරවුල් මතගැටුම් ඇතිවේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. විභාග වලින් බලාපොරොත්තු ප්‍රතිපල අහිමිවේ. වර්ෂයේ මැද භාගයෙන් පසුව ඉගෙනීම් කටයුතු සාර්ථක වේ.

සෞඛ්‍ය

උණ රෝග, උදරගත රෝග, ලේ දෝෂ ඇතිවේ. ශරීරයේ සුවය අඩුවේ. දරුවන්ගේ අසනීප වලට වෙහෙස වීමට සිදුවේ.

ශුභ දින : අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : නිල්
ශුභ අංක : 6, 8, 9
ශූභ මැණික් : නිල් මැණික්

Share this

 

කුම්භ ලග්නය


ධනය

වියදම් අධික වේ. තිබුණු මුදල් ප්‍රමාණය අඩුවේ. ආදායම අඩුවේ. ගොවිතැන් කටයුතුවලින් අලාභ සිදුවේ. ඉඩම් විකුණන යට එයින් ලාභ ලැබේ.

රැකි රක්ෂා

තනතුරුවලින් උසස්වීම් ලැබේ. රැකීරක්ෂා තනතුරු නිසා ප්‍රශංසා ලැබේ. රැකියා ස්ථානයේ අය සමඟ යහපත් සම්බන්දකම් ඇතිවේ.

ගෘහ ජීවිතය

ප්‍රයෝජනයක් නැති දෙයට උත්සාහ කරන කාලයකි. දුක් කණගාටු වරින් වර ඇතිවේ. අවාසනාවන්ත කාලයකි. මව්පිය ලඟම ඥාතියෙකුට අපල ගෙන එන කාලයකි. පිනට අකමැති වේ නමුත් දේව භක්තිය වැඩිවන කාලයකි. කරගෙන ආ කටයුතුවලට බාධා හිරිහැර මතුවේ. විවාහකයින් සහ පෙම්වතුන් අතර පැවති සම්බන්ධතා වලට හානි සිදුවේ. ගෙදරින් පිටව යෑමක් හෝ ස්ථානය අත්හැර යාමක්ද සිදුවිය හැකිය. සහෝදරයින් සමඟ විරුද්ධ වීමද ඔවුන්ට අපලද ඇති කරන කාලයකි.

අධ්‍යාපනය

ශාස්ත්‍ර ධර්ම ඉගෙන ගන්නා අයට වාසි අත්වේ. විදේශ ගතව අධ්‍යාපනය ලබන යට වාසි අත්වේ. වසරේ මැද භාගයෙන් පසුව ඉගෙනීමට ඇති උනන්දුව ධාරණ ශක්තිය අඩුවේ.

සෞඛ්‍ය

පපුව පෙනහළු ආශ්‍රිතව රෝගාබාධ ඇතිවේ. දෙමාපිය වැඩිහිටියන්ට අසනීප ඇතිවීම නිසා සිතට කණගාටුව ඇතිවේ.

ශුභ දින : අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
ශුභ වර්ණ : රතු, නිල්
ශුභ අංක : 3, 8, 9
ශූභ මැණික් : කාක නිල

Share this

 

මීන ලග්නය


ධනය

මුදල් හිඟවන කාලයකි. තිබෙන මුදල් නිකරුනේ නැති නාස්ති වේ. අධික වියදම් ඇතිවේ. ණය වීමටද ඉඩ තිබේ. ලාබ බලාපොරොත්තුවෙන් මුදල් ආයෝජනය නොකළයුතු කාලයකි.

රැකි රක්ෂා

රැකියා කටයුතුවල වෙනසක් දැකිය හැකිය. රාජ්‍ය අංශයේ රැකියාවල නිරත අයට විශේෂ වාසි අත්වේ. නව රැකියා අවස්ථා යෙදේ.

ගෘහ ජීවිතය

වෙහෙසකර ගමන් බිමන් යෙදේ. විවාහ ආදර බන්ධන වලට අසුභ කාලයක් බැවින් ඒවායේදී සැළකිලිමත් විය යුතුයි. සහෝදරයෙකුගෙන් හෝ ඥාතියෙකුගෙන් තමාට හිරිහැරයක් ඇතිවේ. ගෙදරට ලැබෙන ධනය කෑම බීම සඳහා නිකරුනේ නාස්ති වේ. තද ලෙස කේන්ති යන කාලයකි. සිත් කණගාටුවට කරුණු යෙදේ. පියාගෙන් ලාබ ප්‍රයෝජන ලැබෙන කාලයකි. යම්යම් කටයුතු සඳහා ගන්නා උත්සාහයන් අසාර්ථක වන බැවින් කල්පනාකාරීව කටයුතු කලයුතු කාලයකි.

අධ්‍යාපනය

තරඟ විභාග ආදියෙන් ජය ලැබේ. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව ලැබේ. රැකීරක්ෂා උසස්වීම් සඳහා පවත්වනු ලබන විභාග වලින් ජය අත්වේ.

සෞඛ්‍ය

ඇස්වල, දත්වල ආබාධ, ශල්‍යකර්ම හෝ බෙහෙත් විදීමක් කරවා ගැනීමට සිදුවේ. හිත් කෝපවන අසනීප ඇතිවේ.

ශුභ දින : අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණ : රතු, කහ
ශුභ අංක : 3, 9
ශූභ මැණික් : පුෂ්පරාග, වෛරෝඩි