Friday, October 11, 2013

Android phone එක root කරන හැටි.



දැන් කට්ටිය Android smart phone එකක් ගත්ත ගමන් කියන්නේ Phone  එක root කරගන්න ඔනේ කියලා. එ Phone එක Root කර ගත්තාම phone එකෙන් සමාන්‍යයේන් ගන්න පුලුවන් ප්‍රයොජන වලට අමතර වැඩි පහසුකම් phone එකෙන් අපිට ගන්න පුලුවන් නිසාවෙනි. 


මොකක්ද මේ root කරනවා කියන්නේ.


මේ ලිපිය කියවන සමහරක් දෙනා Root  කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu,open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Gest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Gest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි gest profile එකේන් use කරන කෙනෙක් වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone  එක හසුරුවන්න පුලුවන්.

අපි phone එක root කර ගත්තාම ඇත්තෙන්ම අපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකෙ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissens සැකසිම firewall එකක් run කිරිම... වැනි ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.


Phone එක root කරන්න අවශ්‍ය දෙවල්


1.Java JDK සහ Android SDK computer එකේ install කරලා තියෙන්න ඔනේ

Click to Download >> Java JDK  

Click to Download >> Android SDK

2.phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ 


3.SuperOneClick කියන software එක. එක Click >> Super One Click එකේන් download කර ගන්න පුලුවන්

ඉස්සෙල්ල android phone එකේ settings--->applications--->Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.

දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්න

දැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්න



ඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න.



දැන් Root කිරිම  ඉවරයි. phone එක restart කරලා බලන්න  අලුතේන් SuperUser binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ root access කරන්න පුලුවන්.


දැන් වැඩේ හරිනේ ? :)

0 comments:

Post a Comment